පළමු මාසයෙන්ම නෙළුම් කුළුණෙන් වාර්තාගත ආදායමක්

දකුණු ආසියාවේ ඇති උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 900ක ආදායමක් උපයා ඇති බව වාර්තා වනවා.

නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කිරීමෙන් පසු මසක් තුළ මෙම ආදායම උපයා ඇති බවයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කළේ.

සැප්තැම්බර් 15 වැනි දින නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කෙරුණු අතර, පළමු දිනයේ දී විදේශිකයන් 21 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 2612ක් එය නැරඹීමට පැමිණ තිබෙනවා.

ගත වූ මාසයක කාලය තුළ නෙළුම් කුළුණ නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් 165,000ක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කුළුණ නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් මිලදී ගත් ප්‍රවේශ පත්වලින් සහ එහි අභ්‍යන්තරයේ පිහිටි විවිධ ආයතනවලින් ලබාගත් පහසුකම්වලින් මසක් තුළ අදාළ අදායම උපයා ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51