spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළමු මාසයෙන්ම නෙළුම් කුළුණෙන් වාර්තාගත ආදායමක්

දකුණු ආසියාවේ ඇති උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 900ක ආදායමක් උපයා ඇති බව වාර්තා වනවා.

නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කිරීමෙන් පසු මසක් තුළ මෙම ආදායම උපයා ඇති බවයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කළේ.

සැප්තැම්බර් 15 වැනි දින නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කෙරුණු අතර, පළමු දිනයේ දී විදේශිකයන් 21 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 2612ක් එය නැරඹීමට පැමිණ තිබෙනවා.

ගත වූ මාසයක කාලය තුළ නෙළුම් කුළුණ නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් 165,000ක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කුළුණ නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් මිලදී ගත් ප්‍රවේශ පත්වලින් සහ එහි අභ්‍යන්තරයේ පිහිටි විවිධ ආයතනවලින් ලබාගත් පහසුකම්වලින් මසක් තුළ අදාළ අදායම උපයා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?