නෙළුම් කුළුණට ආ නරඹන්නන් ප්‍රමාණය මිලියනය ඉක්මවයි

කොළඹ නෙළුම් කුළුණ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මහජනතාවට විවෘත කළ දින සිට එය නැරඹීමට පැමිණි සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

සීමාසහිත Colombo Lotus Tower Management Company (Pvt.) Limited පැවසුවේ මාතලේ, විල්ගමුව ප්‍රදේශයේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක අයෙකු ඊයේ නෙළුම් කුළුණ නැරඹීමට පැමිණි දස ලක්ෂ වන අමුත්තා බවට පත් වූ බවයි.

2022 වසරේ සැප්තැම්බර් 15 වන දින සිට කුළුණ නැරඹීමට පැමිණි මිලියනයක ජනතාව අතර විදේශීය ජාතිකයන් 22,000ක් වනවා.

සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා කුළුණ නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන අතර නරඹන්නන්ට රාත්‍රී 10 දක්වා රැඳී සිටීමට අවසර දෙන බවයි සමාගම සඳහන් කළේ. සති අන්තයේ උදේ 9 සිට රාත්‍රී 10 දක්වා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන අතර සති අන්තයේ මහජනතාවට නෙළුම් කුළුණේ රාත්‍රී 11 දක්වා රැඳී සිටිය හැකි බව සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සීමාසහිත Colombo Lotus Tower Management Company (Pvt.) Limited සමාගම නෙළුම් කුළුණට හානි කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවා තිබෙනවා.

කුළුණ ආරක්ෂා කර ගැනීමට සහය වීම සාමාන්‍ය ජනතාවගේ යුතුකමක් බවයි එම සමාගම සඳහන් කළේ.

නෙළුම් කුළුණ කළමණාකරන සමාගම තහවුරු කළේ දේපළවලට හානි කළ පුද්ගලයන් කිහිප දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

දැනටමත් විශාල නඩත්තු පිරිවැයක් දැරීමට සිදුවී ඇති අතර අමුත්තන්ගෙන් සිදුවන හානි හේතුවෙන් වරින් වර වැඩි මුදලක් වෙන් කරන බව ද ඔවුන් සඳහන් කළා.

මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට සංචාරකයින්ට බංගී පැනීමේ ක්‍රීඩාව (bungee jumping) හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම තහවුරු කර තිබෙනවා.

ඊට අදාළව දැනටමත් සිංගප්පූරු සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර අගෝස්තු මාසයේදී යි ශ්‍රී ලංකාවේ පළමු වරට බංගී පැනීම දියත් කිරීමට නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, තවදුරටත් සිදු කළ යුතු ඇතැම් වැඩි දියුණු කිරීම් හේතුවෙන්, එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?