නෙළුම් කුලුනේ චීන ණය පැටව් ගසයි

සන්නිවේදන කුලුනක් ලෙස ඉදිකළ ‘නෙළුම් කුලුන’ (Lotus Tower) 2019 සැප්තැම්බර් 19 වැනිදා විවෘත කළත් මේ දක්වා එය ඉදිකිරීමට ගත් චීන ණය පොලී හා දඩ මුදල් ගෙවා දැමීමට නොහැකි වී ඇතැයි රජයේ විගණන කාර්යාලය කියා සිටී.

මේ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණනයේ දී හෙළිවී ඇත්තේ මෙහි ‘පාවෙන අවන්හල’ සඳහා ලබාදී තිබූ වගකීම් කාලය ඉක්මවා ගොස් තිබුණත් එයින් සත පහක ආදායමක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

මෙම නෙළුම් කුලුන මීටර් 350ක උසින් යුක්ත අතර දුරකථන හා වෙනත් සන්නිවේදන සමාගම් සඳහා මෙය ලබාදීමට නොහැකිවීම නිසා ඉකුත් කාලයේදී සත පහකවත් ආදායමක් නොලැබීම නිසා චීන බැංකුවෙන් ලබාගත් ණය පොලී හා දඩ මුදල් ගෙවීමද නතර කර දැමීමට සිදුවී තිබේ.

මෙම කුලුනු පරිශ්‍රයේ කාර්යාල, ප්‍රදර්ශනාගාර, සම්මන්ත්‍රණ ශාලා සහ අවන්හල් ආදිය සඳහා නිර්මාණය කළ ස්ථාන අලුත්වැඩියා හා නඩත්තු නොකිරීම නිසා ඒවා විනාශයට පත්ව ඇතැයි ද විගණනයේදී හෙළිවී ඇත.

2012.01.20 වැනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේදී නෙළුම් කුලුන ඉදිකිරීම් ආරම්භ කළ අතර 2019 සැප්තැම්බර් 16 වැනිදා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කඩිමුඩියේ විවෘත කරන ලදී.

විවෘත කර වසර තුනකට පසුව ‘නෙළුම් කුලුන’ කළමනාකරණ සමාගමක් මගින් පෙරේදා (15 දා) සිට මෙය මහජනතාවට විවෘත කර තිබේ. මේ සා විශාල ආයෝජනයක් කර ඉදිකළ නෙළුම් කුලුනෙන් මෙතෙක් සත පහක ආදායමක් හෝ උපයාගැනීමට නොහැකි වී ඇතැයි රජයේ විගණන කාර්යාලය කියා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28