spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නෙළුම් කුලුනේ චීන ණය පැටව් ගසයි

සන්නිවේදන කුලුනක් ලෙස ඉදිකළ ‘නෙළුම් කුලුන’ (Lotus Tower) 2019 සැප්තැම්බර් 19 වැනිදා විවෘත කළත් මේ දක්වා එය ඉදිකිරීමට ගත් චීන ණය පොලී හා දඩ මුදල් ගෙවා දැමීමට නොහැකි වී ඇතැයි රජයේ විගණන කාර්යාලය කියා සිටී.

මේ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණනයේ දී හෙළිවී ඇත්තේ මෙහි ‘පාවෙන අවන්හල’ සඳහා ලබාදී තිබූ වගකීම් කාලය ඉක්මවා ගොස් තිබුණත් එයින් සත පහක ආදායමක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

මෙම නෙළුම් කුලුන මීටර් 350ක උසින් යුක්ත අතර දුරකථන හා වෙනත් සන්නිවේදන සමාගම් සඳහා මෙය ලබාදීමට නොහැකිවීම නිසා ඉකුත් කාලයේදී සත පහකවත් ආදායමක් නොලැබීම නිසා චීන බැංකුවෙන් ලබාගත් ණය පොලී හා දඩ මුදල් ගෙවීමද නතර කර දැමීමට සිදුවී තිබේ.

මෙම කුලුනු පරිශ්‍රයේ කාර්යාල, ප්‍රදර්ශනාගාර, සම්මන්ත්‍රණ ශාලා සහ අවන්හල් ආදිය සඳහා නිර්මාණය කළ ස්ථාන අලුත්වැඩියා හා නඩත්තු නොකිරීම නිසා ඒවා විනාශයට පත්ව ඇතැයි ද විගණනයේදී හෙළිවී ඇත.

2012.01.20 වැනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේදී නෙළුම් කුලුන ඉදිකිරීම් ආරම්භ කළ අතර 2019 සැප්තැම්බර් 16 වැනිදා එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කඩිමුඩියේ විවෘත කරන ලදී.

විවෘත කර වසර තුනකට පසුව ‘නෙළුම් කුලුන’ කළමනාකරණ සමාගමක් මගින් පෙරේදා (15 දා) සිට මෙය මහජනතාවට විවෘත කර තිබේ. මේ සා විශාල ආයෝජනයක් කර ඉදිකළ නෙළුම් කුලුනෙන් මෙතෙක් සත පහක ආදායමක් හෝ උපයාගැනීමට නොහැකි වී ඇතැයි රජයේ විගණන කාර්යාලය කියා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?