නෙල්ලි කෝලා පානය එලිදකී

පානදුර පිහිටි ‘maa products’ පුද්ගලික සමාගම විසින් දේශීය නිෂ්පාදනයක් ඉදිරිපත් කරන  ‘නෙල්ලි කෝලා’ ශක්ති ජනක පානය ජන ගත කිරීමේ උත්සවය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් අද සිදු වුණු බව එම අමාත්‍යාංශය පවසයි. දේශීය ව්‍යවසායකයෙකු වන මුදිත සමනක්කොඩි මහතා විසින් මෙම නිෂ්පාදනය ඉදිරිපත් කර තිබේ. ‘maa products’ පුද්ගලික සමාගම සඳහන් කරන ආකාරයට මෙම නෙල්ලි කෝලා පානය ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කෙරුණකි. එසේම එය ශක්තිජනක පානයක් වන බවත් පවසයි.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දක්වා ඇති කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, “දැනට වෙළෙඳ පොළේ තිබෙන සියලුම කෘත්‍රිම ශක්තිජනක පානවලට වඩා මෙය ශක්තියෙන් අනූනයි. අපේ ජීවන රටාවේ ඇති වෙමින් තිබෙන අවුලට උත්තර සොයන මෙවැනි නිෂ්පාදකයන් තමයි අද අපට ඕනේ. එහෙම නැතිව වැල යන අතට මැස්ස ගහන අය නොවෙයි.” යනුවෙන් පවසා ඇත.ඒ ආදර්ශය සෙසු ව්‍යවසායකයන්ට හා නිෂ්පාදකයන්ට ඉතාම ඉහළින් අගය කළ හැකි ආදර්ශයක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

“දැනට මාස ගණනාවකට කලින් මෙතුමා නිෂ්පාදනයේ සාම්පල අරගෙන අපේ අමාත්‍යාංශයට පැමිණියාම ඒ වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට අප එකඟ වුණා. එතුමන් සමග හවුල්කාරීත්වයකට පිරිසක් එක්ව තිබෙනවා. ඒ පිරිස සමග එක්ව කෙටි කලකින් මේ නෙල්ලි කෝලා පාලය ජන ගත කිරීමට හැකිව තිබීම ඉමහත් සතුටට කාරණාවක්.” යනුවෙන්ද අමාත්‍යවරයා පවසා ඇත.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වී තිබේ. එසේම ‘maa products’ පුද්ගලික සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මුදිත සමනක්කොඩි සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන චින්තන ජයසිංහ, පියුමි සමනක්කොඩි, මන්ද්‍රී සමනක්කොඩි ඇතුළු පිරිසක්ද සහභාගි වී සිට තිබේ.

151099613 3577338959050565 1001313621598633118 o
152064466 3577338902383904 5691841261163443849 o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34