AFC Banner
AFC Banner
Empty Ad

නෙදර්ලන්තයට එරෙහි තරගයේදී සිදු වූ දෙයක් නිසා වනිඳුට තරවටුවක්

නෙදර්ලන්තයට එරෙහිව බුලවායෝ හි පැවති ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරඟයේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටමේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට අවවාද කර තිබෙනවා.

“ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රිකට් උපකරණ හෝ ඇඳුම් පැළඳුම්, බිම් උපකරණ, සවිකිරීම් සහ උපාංග අනිසි ලෙස භාවිත කිරීම” සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය කඩ කර ඇති බවයි ක්‍රිකට් පුවත් වාර්තා පෙන්වා දෙන්නේ.

මීට අමතරව මාස 24ක කාලයක් තුළ ඔහු අතින් සිදු වූ දෙවැනි වරද මෙය වීම හේතුවෙන් හසරංගගේ විනය වාර්තාවට එක් දෝෂ ලකුණක් එකතු වී ඇති අතර, ඒ අනුව ඔහුගේ දෝෂ ලකුණු සංඛ්‍යාව 2ක් දක්වා ඉහළ ගියා.

පන්දුවට පහර දෙමින් සිටි වනිඳු හසරංග දැවී යාමෙන් පසුව මෙම සිදුවීම සිදුවී ඇති අතර, ඔහු නැවත ක්‍රීඩාගාරය වෙත පැමිණෙන විට ආක්‍රමණශීලී ලෙස පිත්තෙන් හතරේ සීමාවට පහර දුන්නේ බවයි සඳහන් වන්නේ.

හසරංග සිය වරද පිළිගෙන ICC ජාත්‍යන්තර තරග තීරක මණ්ඩලයේ Shaid Wadvalla විසින් යෝජනා කළ නියෝග පිළිගත් බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් අවශ්‍ය නොවන බවට තීරණය කර තිබෙනවා.

පිටියේ විනිසුරුවන් වන මාර්ටින් සාගර්ස් සහ ග්‍රෙග් බ්‍රැත්වේට්, තෙවැනි විනිසුරු ජයරාමන් මදනගෝපාල් සහ සිවුවැනි විනිසුරු අසීෆ් යාකූබ් විසින් මෙම චෝදනාව එල්ල කරනු ලැබුවා.

1 වන මට්ටමේ වැරදි සඳහා තරවටු කිරීමක අවම දඬුවමක්, තරඟ ගාස්තුවෙන් සියයට 50ක උපරිම දඩයක් සහ දෝෂ ලකුණු එකක් හෝ දෙකක් හිමි වනවා.

ක්‍රීඩකයෙකු මාස 24ක කාලසීමාවක් තුළ වැරදි හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති විට, ඒවා තරඟ අත්හිටුවීමේ ලකුණු බවට පරිවර්තනය කර තරග තහනම් කිරීමයි සිදු වන්නේ.

ඒ අනුව ටෙස්ට් තරගයක හෝ ODI තරග දෙකක හෝ T20I තරග දෙකක තහනමක් අත්හිටුවීමේ ලකුණු දෙකකට සමාන වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
10
+1
4
+1
5
+1
14
+1
4
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?