නුවරගල රක්ෂිතයේ අභිරහස් මරණයක්

නුවරගල රක්ෂිතයට ඇතුළු වූ 34 හැවිරිදි පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ විනෝද චාරිකාවක් සඳහා 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිකුරාදා (03) මෙම රක්ෂිතයට ඇතුළු වී ඇති බවයි.

රාත්‍රී කාලයේ එක් පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති අතර අනෙක් පිරිස ඔහුගේ අතුරුදන්වීම පිළිබඳව හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මහඔය පොලිසියට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුවයි මළ සිරුර සොයාගෙන ඇත්තේ.

විනෝද චාරිකාවට එක්වූ පිරිස නුවරගල රක්ෂිතයේ රාත්‍රිය ගත කරන ලද ස්ථානය ආසන්නයේ ඇති ගල් තලාව පහළ ප්‍රදේශයේ තිබියදීයි අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවී ඇත්තේ.

මෙම පිරිස රාත්‍රී කාලයේ විනෝද වීමෙන් පසු අලුයම් කාලයේ නින්දට ගොස් ඇති අතර අලුයම පිබිදී කළ සොයා බැලීමේදී මෙම පුද්ගලයා නොසිටීම හේතුවෙන් පොලිසියට දැනුම්දී ඇතැයි සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ උහන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර මහඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59
Video thumbnail
ආණ්ඩුවේ වැඩ නිසා රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..අපි හදපු දරුවව පෝෂණය කරගන්න ආණ්ඩුවට බෑ
11:23
Video thumbnail
ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනවා
04:36
Video thumbnail
සෙනඟත් එක්ක ආ නාමල්ට සහ ශිරන්තිට කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..දේශපාලන සංදර්ශන අවශ්‍ය වෙන්නේ නෑ
04:53
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56


?