නුවරඑළිය නගරාධිපති ජනපතිව නොමඟ යවලා – පාර්ශ්ව රැසකින් චෝදනා (වීඩියෝ)

පසුගිය දා පැවති අයහපත්කාලගුණයත් සමඟ නුවරඑළිය නගරය ඉතිහාසයේ පළමු වතාවට ජලයෙන් යටවුණා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී නුවරඑළිය නගරාධිපතිවරයා සඳහන් කළේ සොරොව් දොරටු පටුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවයි.

කෙසේ වෙතත් නගරාධිපතිවරයා එදින ජනාධිපතිවරයා ඉදිරියේ සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි නගරවාසීන් සහ පාර්ශ්ව කිහිපයක් චෝදනා කරන්නේ.

නගරාධිපතිවරයා විසින් ජනාධිපතිවරයා නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකර ඇති බවට නගරවාසීන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විමසීමට දසත නුවරඑළිය ප්‍රාදේශීය මාධ්‍යවේදියා නගරාධිපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්ත ද ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?