නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානි වූ මාර්ග මේ වසර අවසන් වීමට පෙර හදන්න – ජනපතිගෙන් උපදෙස්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ගවලට සිදුව තිබෙන හානිය සොයාබැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් සමඟ අද (08) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානියට පත් සියලුම මාර්ග සහ ප්‍රතිසංස්කරණය කිරීමට ගත වන කාලය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

සාමාන්‍ය ප්‍රතිංස්කරණවලින් විවෘත කිරීමට නොහැකිව තිබෙන මාර්ග සම්බන්ධව නිලධාරීන්ගෙන් අදහස් විමසූ ජනාධිපතිවරයා, මේ සම්බන්ධව වාර්තාවක් ලබාදෙන ලෙසට ද නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් මාර්ග සහ පාලම් ඉදිකිරීමේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා සැලකිල්ලට ගත යුතු බවද නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා.

ඒ, අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානියට පත් මාර්ග සහ බෝක්කු, පැති බැමි ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත්, මේ වසර අවසන් වීමට පෙර සියලුම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට පියවර ගන්නා ලෙසටත් ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34