නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානි වූ මාර්ග මේ වසර අවසන් වීමට පෙර හදන්න – ජනපතිගෙන් උපදෙස්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ගවලට සිදුව තිබෙන හානිය සොයාබැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් සමඟ අද (08) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානියට පත් සියලුම මාර්ග සහ ප්‍රතිසංස්කරණය කිරීමට ගත වන කාලය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

සාමාන්‍ය ප්‍රතිංස්කරණවලින් විවෘත කිරීමට නොහැකිව තිබෙන මාර්ග සම්බන්ධව නිලධාරීන්ගෙන් අදහස් විමසූ ජනාධිපතිවරයා, මේ සම්බන්ධව වාර්තාවක් ලබාදෙන ලෙසට ද නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් මාර්ග සහ පාලම් ඉදිකිරීමේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා සැලකිල්ලට ගත යුතු බවද නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා.

ඒ, අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානියට පත් මාර්ග සහ බෝක්කු, පැති බැමි ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත්, මේ වසර අවසන් වීමට පෙර සියලුම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට පියවර ගන්නා ලෙසටත් ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?