“දිට්වා” සුලි කුණාටුවත් සමග නුවරඑළියට පිවසීමට තිබූ මාර්ග 04ක් නායගොස් සහ පස් කදු කඩා වැටීමෙන් ගමනා ගමන කටයුතු ඇන හිට තිබුණා.
කෙසේ වෙතත් ඊයේ (10) දින වන විට නුවරඑළිය – මහනුවර මාර්ගය ඇතුළු අවහිරව පැවති මාර්ගය මාර්ග 04ම යථා තත්වයට පත් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පවසනවා.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඊයේ (10) දින පස්වරුවේ මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ, මාර්ග 04 යථා තත්වයට පත් කළ ද එම මාර්ගවල රථවාහන ධාවනයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ වාර්ථාවක් ලබා දිමෙන් පසු බර වාහන ධාවනය සදහා එම මාර්ග විවෘත කරන බවයි.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 19,832කට අයත් සමාජිකයන් 63,000කට ආසන්න පිරිසක් අවතැන් වී ඇති අතර, ඉන් ආරක්ෂිත කදවුරු 212ක පවුල් 6,700ක් පදිංචි කර ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.





