Empty Ad
AFC Banner
AFC Banner

නුදුරේ දී ම වී සඳහා නව සහතික මිලක් (වීඩියෝ)

ඉදිරි දින කිහිපය තුළ දී ‘වී’ සඳහා නව සහතික මිලක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

අද (01) පෙරවරුවේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සමාරම්භක උත්සව අවස්ථාවට එක්වෙමින් සිය අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නියමිත වේලාවට ගොවි ජනතාවට පොහොර හා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට නොහැකි වූ බව තමන් පිළිගන්නා බවත් මෙම සතිය ඇතුළත පොහොර හා මුදල් නොලැබුණු සියලු ම ගොවීන් වෙත ඒවා ලබාදීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

එම පොහොර හා මුදල් ප්‍රමාද වීමට හේතුව මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඒවා පිළියම් යොදා අදාළ වරද නිවැරදි කිරීමට කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?