නවගත්තේගම – ඉඟිණිමිටිය ප්‍රදේශයේ වසා දමා ඇති නිවසක රහසිගත ලෙස නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් නීති විරෝධී මත්පැන් ලීටර් 61.5 ක් , නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 771 ක් සහ තඹ දඟරයක් සමඟ සැකකරුවකු අද (04) වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වන ඉඟිණිමිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
අදාළ සැකකරු හෙට(05) ආණමඩුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .
නවගත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .













