නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට පොලිසියෙන් වෙඩි (ඡායාරූප)

නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

මන්නාරම, අඩම්පන් පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පොලිසිය පැවසූවේ නීති විරෝධි වැලි ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරක් මත ඊයේ (20) දිනයේ වැටලීමක් සිදුකළ බවයි.

එහිදී ජාවාරම්කරුවන් නීති විරෝධි වැලි පැටවූ ටිපර් රථයකින් පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර පළා යාමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් ටිපර් රථයේ රෝදවලට වෙඩි තැබීම සිදුකර ඇතිකර ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී ලොරි රථයේ රියදුරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ටිපර් රථය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

Mannar 3
Mannar 2
Mannar 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?