නීති විරෝධීව රත්‍රන් කිලෝ 6කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ 3 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට නීති විරෝධීව මෙරටට රත්‍රං රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

AI 273 දරණ ගුවන් යානයෙන් කාන්තාවන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඇත්තේ අද අලුයම 2.30ට පමණයි.

සැකකාර කාන්තාවන් දෙදෙනා කැරට් 22 රන් ආභරණ ග්‍රෑම් 408ක් සහ තවත් ග්‍රෑම් 200ක් බරැති රන් මාල 4ක් රැගෙන විත් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වෙන්නප්පුව උඩප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 53 සහ 43 යන වයස්වල පසු වූ සැකකාර කාන්තාවන් දෙදෙනා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කර තිබෙනවා.

මේ අතර අද උදෑසන 9.25ට පමණ FZ 547 දරණ යානයෙන් ඩුබායි රාජ්‍යයේ සිට පැමිණි මරදාන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකු චංචනික ලෙස කැරට් 22 සහ 24 රත්‍රං කිලෝ 6යි ග්‍රෑම් 996ක් ඉතා සූක්ෂමන උදරයේ බැඳගෙන මෙරටට රැගෙන විත් තිබෙනවා.

එහි රත්‍රං බිස්කට් 40කට වැඩි ප්‍රමාණයක් තිබී ඇති අතර අනෙක් ඒවා විවිධ වර්ගයේ ස්වර්ණාභරණ බව සඳහන්.

ලැබුණු තොරතුරකට අනුව ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාරියන් දෙදෙනා සහ සැකකරුවන් ගුවන්තොටුපල රේගුවට ඉදිරිපත් කර නීතිමය පියවර ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34