නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1471 පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටිය මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, බත්තලංගුණ්ඩුව ඉදිරි මුහුදු ප්‍රදේශයේ අද (19) සවස සිදුකල සෝදිසි මෙහෙයුමකදී.
මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 32 ක් සහ 37 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.
එම සැකකරුවන් දෙදෙනා, බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1





