AFC Banner
AFC Banner
Empty Ad

නීති විරෝධීව ගෙන් වූ දුම්වැටි තොගයක් සමඟ අයෙක් කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට

තීරුබදු නොගෙවා හොර රහසේ මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාත්තන්කුඩි පොලිස් වසමේ අල් අමීන් පාර, නව කාත්තන්කුඩි ප්‍රදේශයේදී ඊයේ (23) සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී හොර රහසේ මෙරටට ආනයනය කරන ලද දුම්වැටි 1020ක් අඩංගු පැකට් 51ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙක්.

වැඩිදුර විමර්ශණ කටයුතු සදහා සැකකරු සහ දුම්වැටි තොගය කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?