මුහුණු පොත මගින් හඳුනාගත් නීතිඥවරයකුගේ ලාබාල සුරූපී බිරිඳ සමඟ හිතවත්කමක් පවත්වා ඇය මීගමුව නගරය වෙත පැමිණි අවස්ථාවේ ඇය මෝටර් රථයකින් පැහැර ගෙන යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඞ් භාරයේ පසු වූ තරුණ මෝටර් රථ කාර්මිකයා දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත රිමාන්ඞ් භාරයෙන් මුදාහැර තිබෙනවා. සැකකරු වූ පැරණි මෝටර් රථ නවීකරණය කිරීමේ ශිල්පියකු වන මීගමුව කුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .
සැකකරු සහ නීතිඥවරයාගේ රූමත් බිරිඳ මුහුණ පොත පරිහරණයට දැඩි කැමැත්තක් දක්වන අතර මුහුණු පොත මගින් කාර්මික ශිල්පියා නීතිඥවරයාගේ තරුණ බිරිඳ හඳුනාගෙන තිබෙනවා. ඇය අවශ්‍යතාවක් සඳහා මීගමුව නගරයට පැමිණි අවස්ථාවේදී එහි පැමිණි සැකකරු මෝටර් රථයකින් ඇය පැහැර ගෙන යාමට තැත්කළ බව පැමිණිල්ලේ සදහන්. මේ සම්බන්ධ වැඩිදුර පරික්ෂණ පවත්වයි.