නිළි සසන්ති ජයසේකර ලියූ කඳුළු සටහන

සසන්ති ජයසේකර කියන්නේ කාලයක් අපේ සිනමාවෙත්, පුංචි තිරයෙත් දකින්නට ලැබුණු කවුරුත් දැන අඳුනන රංගන ශිල්පිනියක්. පෞද්ගලික ජීවිතේ සිදුවුණු යම් යම් හැලහැප්පීම් නිසා ඇය රට හැර ගියා.

ඇය විවාහ වුනේ විදෙස් ජාතිකයෙකු සමඟයි. කෙසේ වෙතත්, පසුගිය දිනෙක සසන්තිගේ ආදරණීය සොහොයුරා ජීවිතයට සමුදුන්නා.

මළනුවන්ට දැඩිව ආදරය කළ සසන්ති, ඔහුගේ වියෝව නිසා මහත් කම්පනයට පත්වයි සිටියේ.

ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් තුළත් ඇගේ මල්ලිගේ මතක සටහන් බොහෝමයක් දැක ගත හැකියි. පසුගිය දවසක, මල්ලිගේ තුන්මස දානමය පිංකමක් ඇය පවත්වා තිබූ අතර ඒ ගැන සංවේදී සටහනක් ද තබා තිබුණා.

“මට තාමත් මගේ සහෝදරයා අභාවප්‍රාප්ත වුණා කියන වචනය පාවිච්චි කරන්න බැහැ. තුන් මස දානමය පිංකමට දායකත්වය දුන්නු ස්වාමින් වහන්සේලාට මම මගේ ගෞරවයත් ස්තුතියිත් පුද කරනවා..”

“මගේ රත්තරන් මල්ලි. මාස තුනක් ගතවෙලා. මගේ ජීවිතේ කැබලිවලට කැඩිලා වගෙයි මට දැනෙන්නේ. ඔබ ඒ අයුරින් මාව දකින්න කැමති නැති බව මම දන්නවා. අපි හැමෝටම ඔයාව මතක් වෙනවා. මට හිත හදාගන්න දිග කාලයක් ගත වෙයි. තාමත් අම්මා ඔයාගේ කටහඬ අහන්න ආසාවෙන් දවල් 12 වෙනකන් බලන් ඉන්නවා… ඔයා අපිට මතකයන් ගොඩක් හැදුවා..”

“අවසන් වශයෙන් මමමගේ ස්ටීවි (සැමියා)ට ස්තුති කරන්න ඕනි. ඒ වගේම මගේ ලස්සන පුතාත් මගේ වේදනාව දැන දැන මට සියලු ශක්තිය ලබා දුන්නා..”

“මල්ලි. මට ඔබව පියවි ඇසින් මේ මොහොතේ දැකගත නොහැකි වුවත්, ඔබේ සුවඳ, ආදරය, සෑම දිනකම මා සමඟ ජීවත් වනු ඇති..”

“මගේ මල්ලි ඔයාට උතුම් නිවන් සුව ලැබේවා..”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11