නිළි රැජිණ මාලිනියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මැයි 26 වන දින රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේ දී සිදුකරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මේ අතර හෙට (25) පෙරවරු 10.00 සිට මහජන ගෞවරවය සඳහා මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී චිත්‍රපට ශාලාවේ තැන්පත් කර තැබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලුයම අභාවප්‍රාප්ත වුණා.

භාවප්‍රාප්ත වන විට ඇය 78 වන වියෙහි පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
15
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?