නිස්සංකගෙන් හා මෙන්ඩාගෙන් අනර්ඝ අර්ධ ශතක දෙකක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 8 වැනි තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා අර්ධ ශතකයක් ලබා ගන්නට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ මේ වනවිට පකිස්ථානයට එරෙහි ව හයිද්‍රාබාද් නුවර දී පැවැත්වෙන තරගයට එක්වෙමිනුයි.

ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පැමිණි නිස්සංක අද දිනයේ දී සිය එක්දින දිවියේ 10 වැනි අර්ධ ශතකය ලබාගත්තා.

ඊට හැඩකාර හතරේ පහරවල් 07ක් සහ හයේ පහරක් ඇතුළත්.

නිස්සංක සිය අර්ධ ශතකය ලබා ගැනීමට වැය කළ පන්දු ගණන 58ක්.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ කුසල් පෙරේරා යි.

ඔහුගේ කඩුල්ල හසන් අලී විසින් බිඳ හෙලනු ලැබුවා.

මේ අතර කුසල් මෙන්ඩිස් ද අද දිනයේ දී සිය 27 වැනි අර්ධ ශතකය ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතකය ලබා ගැනීමට පන්දු 40ක් වැය කළා.

ඊට හයේ පහර 02 ක් සහ හතරේ පහර 07ක් ඇතුළත්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 107ක් ලබා සිටින්නේ පන්දුවාර 17ක් ආරම්භයේ දියි.

නිස්සංක සහ මෙන්ඩිස් අතර ගොඩනැගුණු සබඳතාව පන්දු 95කට ලකුණු 102ක්.

එය බිඳී ගියේ මීට ටික වේලාවකට පෙර දෙවැනි කඩුල්ල ලෙසට නිස්සංක ශඩබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ දැවී යාමෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?