නිවුන් දරුවන්ගේ ජන්මය සමරන්න ගිය පියා හෙලිකොප්ටර් අනතුරින් මරුට

උත්තරකාන්ඩ් හි ඊයේ (15) සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් දිවි අහිමි වූ ගුවන් නියමුවා සිය නිවුන් දරුවන්ගේ උපන්දිනය සැමරීමට ගමන් කරමින් සිටි බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ජයිපූර්හි ශාස්ත්‍රි නගර් හි ලුතිනන් කර්නල් (විශ්‍රාමික) රාජ්වීර් සිං චෞහාන් නමැත්තෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

රාජ්වීර්ගේ සගයා වන කපිතාන් වී.කේ. සිං පෙරවරු 07.45ට පමණ මෙම අනතුර පිළිබඳ ව තම පවුලේ උදවිය දැනුම්වත් කළ බව ද මියගිය ගුවන් නියමු රාජ්වීර්ගේ පියා වන ගෝවින්ද් සිං පවසා තිබෙනවා.

උත්තරාකන්ඩ් හි ගෞරිකුන්ද් වනාන්තරයේ දී මෙම හෙලිකොප්ටරය කඩා වැටුණු අතර එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් සත්දෙනාම ජීවිතක්ෂයට පත් වුණා.

හෙලිකොප්ටරය කේදර්නාත් සිට ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබුණු බවයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණය සහ අඩු දෘශ්‍යතාව හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට ගොස් කඩා වැටුණු බවත් සති හයක් තුළ උත්තරාකන්ඩ් හි සිදු වූ පස්වන හෙලිකොප්ටර් අනතුර මෙය ලෙසත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිද්ධිය පිළිබඳව තමා දැඩි ලෙස කනගාටු වන බව ප්‍රධාන අමාත්‍ය පුෂ්කර් සිං ධාමි පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?