නිවුන් දරුවන්ගේ ජන්මය සමරන්න ගිය පියා හෙලිකොප්ටර් අනතුරින් මරුට

උත්තරකාන්ඩ් හි ඊයේ (15) සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් දිවි අහිමි වූ ගුවන් නියමුවා සිය නිවුන් දරුවන්ගේ උපන්දිනය සැමරීමට ගමන් කරමින් සිටි බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ජයිපූර්හි ශාස්ත්‍රි නගර් හි ලුතිනන් කර්නල් (විශ්‍රාමික) රාජ්වීර් සිං චෞහාන් නමැත්තෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

රාජ්වීර්ගේ සගයා වන කපිතාන් වී.කේ. සිං පෙරවරු 07.45ට පමණ මෙම අනතුර පිළිබඳ ව තම පවුලේ උදවිය දැනුම්වත් කළ බව ද මියගිය ගුවන් නියමු රාජ්වීර්ගේ පියා වන ගෝවින්ද් සිං පවසා තිබෙනවා.

උත්තරාකන්ඩ් හි ගෞරිකුන්ද් වනාන්තරයේ දී මෙම හෙලිකොප්ටරය කඩා වැටුණු අතර එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් සත්දෙනාම ජීවිතක්ෂයට පත් වුණා.

හෙලිකොප්ටරය කේදර්නාත් සිට ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබුණු බවයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණය සහ අඩු දෘශ්‍යතාව හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට ගොස් කඩා වැටුණු බවත් සති හයක් තුළ උත්තරාකන්ඩ් හි සිදු වූ පස්වන හෙලිකොප්ටර් අනතුර මෙය ලෙසත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිද්ධිය පිළිබඳව තමා දැඩි ලෙස කනගාටු වන බව ප්‍රධාන අමාත්‍ය පුෂ්කර් සිං ධාමි පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29