නිව් ඕර්ලියන්ස් ඝාතකයා අමෙරිකානු පුරවැසියෙක් – IS සහායකයෙකු බවටත් හෙළිදරව්වක්

නිව් ඕර්ලියන්ස් ඝාතකයා අමෙරිකානු පුරවැසියෙක් – IS සහායකයෙකු බවටත් හෙළිදරව්වක්

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ක්වීන්ස් හි අලුත් අවුරුදු දින රාත්‍රී කාලයේ සමූහ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇති බවයි නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඊයේ (මෙරට වේලාවෙන් අද) පෞද්ගලික උත්සව සමාජ ශාලාවක් ඉදිරිපිට පිරිමි පුද්ගලයින් කිහිප දෙනෙක් මෙම සමූහ වෙඩි තැබීම සිදුකර ඇති අතර, එහිදී කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මේ වනවිට ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන නමුත්, කිසිවෙකු බරපතළ තත්ත්වයේ පසු වන්නේ නැහැ.

පොලීසිය මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හැඳින්වීමේ හැකියාව බැහැර කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සිදු වූයේ අලුත් අවුරුදු දිනයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් ද්විත්වයක් සිදු වී පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

නිව් ඕර්ලියන්ස් හි, අලුත් අවුරුදු උත්සවකරුවන්ගෙන් පිරුණු වීදියකට ට්‍රක් රථයක් කඩා වැදී 15 දෙනෙකු මිය යාම ඉන් පළමු සිද්ධියයි.

ලාස් වේගාස් හි ට්‍රම්ප්ට අයත් හෝටලයක් ඉදිරිපිට ටෙස්ලා ට්‍රක් රථයක් පුපුරා ගොස් මෙම අපරාධය සිදු වුණා.

අමෙරිකා එක්සත් ජනපදයේ නිව් ඕර්ලියන්ස් ප්‍රදේශයේ බෝර්බන් වීදියේ දී මෙම සිදුවීම සිදුවූයේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි තැනැත්තා කලකට පෙර ටෙක්සාස් හි එක්සත් ජනපද හමුදාවේ ප්‍රවීණයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

ෂම්සුඩ් – ඩින් – ජබ්බාර් නමැති සැකකාර පුද්ගලයා එම ප්‍රදේශයේ හෝටලයකට කඩා වැදී ඇති අතර රැස්ව සිටි පිරිසට එක දිගට වෙඩි තබා ගොස් තිබෙනවා.

සැකකරු 45 හැවිරිදි අයෙක් වන අතර ඔහු හෝටල් පරිශ්‍රයේ ද වෙඩි තබා එතනින් පිටව තවත් ස්ථාන තුනක දී වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පොලීසිය විසින් සැකකරු සෙවීම සඳහා තාප දර්ශනය සහිත ඩ්‍රෝන යානයක් යොදවා මෙහෙයුම් දියත් කළ බවයි.

ඒ අනුව කඳුකර ප්‍රදේශයක සිටියදී අදාළ සැකකරු සොයාගෙන ඇති අතර එම අවස්ථාවේ දී ඔහු සියදිවි නසා ගැනීමට තැත් කර තිබෙනවා.

අධික ලෙස තුවාල ලබා සිටි ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය බව සඳහන්.

අදාළ සැකකරු අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවට ද අනාවරණය වී තිබෙනවා.

මීට පෙර ඔහුට නීතිවිරෝධී ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ද එල්ල වී තිබූ අයෙක් බවත්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

අමෙරිකානු ජනාධිපති බයිඩ්න් ප්‍රකාශ කර සිටියේ මෙය එරට සිදු වූ දරුණුතම සමූල ඝාතනයක් බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීම හේතුවෙන් එරට දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම සැකකරු අමෙරිකානු පුරවැසියෙකු බවත් ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු බවත් අමෙරිකානු බුද්ධි ඒජන්සිය විසින් අනාවරණය කරනු ලැබුවා.

ප්‍රහාරකයා ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ආභාසය ලැබූ අයෙක් බවත් ඔහු පැමිණි ට්‍රක් රථයේ තිබී IS ධජයක් සොයාගත් බවත් FBI පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?