නිවසේ කරදර නිසා මවක් දරුවන්ට වස දීලා – දරියන් තිදෙනාම ජීවිතක්ෂයට

නිවසේ නිතර නිතර ඇතිවන ප්‍රශ්න හේතුවෙන් සිත් තැවුලට පත් කාන්තාවක් තම බාල වයස්කාර දියණියන් තිදෙනාට වස දී මරා දැමීමේ සිද්ධියක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තානේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අපරාධය සිදුකළ 27 හැවිරිදි මව අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

සන්ධ්‍යා සන්දීප් බෙරේ නැමැති සැකකාර මව පසුගිය 20 වනදා කෑමට සැකසූ “වරන් භාත්” (බත් සහ පරිප්පු ආහාරයක්) වලට වස මිශ්‍රකර එම ආහාර වයස අවුරුදු 05, 08 සහ 10 යන වයස්වල පසුවන ඇගේ දියණියන්ට කෑමට සලස්වා ඔවුන්ව ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර මව පළිබෝධනාශකයක් මෙලෙස ආහාරවලට මිශ්‍රකර ඇති අතර, එම ආහාර කෑමට ගත දියණියන් තිදෙනාට වමනය, කරකැවිල්ල ඇතුළු ඇතිවූ සංකූලතා හේතුවෙන් ඔවුන් තිදෙනාව වහාම ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ වීමත් සමඟ, ඔවුන්ගෙන් දෙදෙනෙකු මුම්බායි හි රෝහලකට ඇතුළත් කර ඇති අතර,
එහිදී එම දැරියන් දෙදෙනා පසුගිය 24 සහ25 යන දිනවල මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

තවත් දැරියක් නාසික් හි රෝහලකට මාරු කරන යවා ඇති අතර, එම දැරිය ද පසුගිය 24 වන දින මිය ගොස් ඇති බව සඳහන්.

මෙම දැරියන්ගේ මරණ සම්බන්ධයෙන් ඊයේ (26) නිකුත් වූ මරණ පරීක්ෂණ වාර්තාවෙන් දරුවන්ගේ සිරුරුවල විෂ ඇති බව තහවුරු වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මරණ පරීක්ෂණ වාර්තාවත් සමඟ දරුවන්ගේ මව අද (27) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකාර කාන්තාවගේ සැමියා මත්පැන් පානයට හුරුවී සිටින අයෙක්වන අතර, මේ හේතුවෙන් කාන්තාව දැරියන් තිදෙනා ද සමඟ සැමියාගෙන් වෙන් වී ජීවිත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දියණියන් තිදෙනා රැකබලා ගැනීම දුෂ්කරවීමත් නිවසේ නිතර නිතර ඇතිවන ප්‍රශ්න හේතුවෙනුත් කලකිරීමට පත්ව තමන් මෙම අපරාධයට යොමු වූ බවයි සැකකාර මව පොලිසියට පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
17
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11