නිවසට පැමිණ දියණියට හදි කළ සිසුවෙකු ගැන පැමිණිල්ලක්

තම නිවසට පැමිණි 15 හැවිරිදි පාසල් සිසුවෙකු විසින් සිය දියණිය ව ලිංගික අතවරයට ලක් කළ බවට වන පැමිණිල්ලක් හොරණ මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයට ලැබී තිබෙනවා.

අතවරයට ලක් වූවේ යැයි පැවසෙන දැරියගේ මව විසින් අදාළ පැමිණිල්ල සිදු කරන ලද බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්.

දැනට මාස 09ක පමණ සිට අදාළ තරුණ පිරිමි ළමයා සමග සිය දැරිවිය ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් 2024 දෙසැම්බර් මාසයේ සිකුරාදා දිනෙක දෙදෙනා පළමු වරට ලිංගික ව එක් ව ඇති බවත් වරින් වර ඉන් පසුව ද ඔවුන් දෙදෙනා මෙලෙස මුණගැසී ඇති බවත් පැවසෙනවා.

ඊයේ (28) දිනයේ දී ද දැරිය විසින් සැකකාර පෙම්වතා ව සිය නිවසට ගෙන්වාගෙන ඇති අතර පෙර පරිදි ලිංගික ව හැසිරෙමින් සිටියදී දැරියගේ වැඩිමහල් සොහොයුරා නිවසට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේ දී සොයුරා විසින් තරුණ පෙම්වතාට සහ සිය නැගණියට පහර දී ඇති අතර පහරකෑ තරුණයා මුහුණේ තැලුම් පහර සමගින් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් දැරිය පොලිසිය මගින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

හොරණ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34