මහනුවර – පූර්ණවත්ත ප්‍රදේශයේ නිවසක බැම්මක් ඉදි කරමින් සිටි පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම පස් ගොඩට යටව සිටි දෙදෙනෙක් පැය එකහමාරක පමණ උත්සාහයකින් පසු මුදාගෙන ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (03) දහවල් 12ට පමණ මෙම අනතුර සිදු ව ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ දී පස්දෙනෙකු එම ස්ථානයේ වැඩ කරමින් සිටි බවයි.
එම පස්දෙනාගෙන් තිදෙනෙකු සැණින් ඉවතට පැන ඇති අතර දෙදෙනකු පස්වලට යට වී තිබෙනවා.
මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මෙන්] ම නගර සභාවේ තවත් සේවක පිරිසක් ද අනතුරට පත් වූවන් ගලවා
ගැනීම සඳහා පැමිණියා.
මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම පස් කන්ද බුරුල් වී කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ස්ථානයට පැමිණ සිටි මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය සඳහන් කළේ පස් කන්දට යට වූවන් දෙදෙනාම රෝහල්ගත කළ අතර ඔවුන් බරපතළ තත්ත්වයෙන් මේ වනවිට මිදී ඇති බවයි.