නිවසක බැම්මක් ඉදි කරමින් සිටි සේවකයින් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

මහනුවර – පූර්ණවත්ත ප්‍රදේශයේ නිවසක බැම්මක් ඉදි කරමින් සිටි පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම පස් ගොඩට යටව සිටි දෙදෙනෙක් පැය එකහමාරක පමණ උත්සාහයකින් පසු මුදාගෙන ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (03) දහවල් 12ට පමණ මෙම අනතුර සිදු ව ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ දී පස්දෙනෙකු එම ස්ථානයේ වැඩ කරමින් සිටි බවයි.

එම පස්දෙනාගෙන් තිදෙනෙකු සැණින් ඉවතට පැන ඇති අතර දෙදෙනකු පස්වලට යට වී තිබෙනවා.

මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මෙන්] ම නගර සභාවේ තවත් සේවක පිරිසක් ද අනතුරට පත් වූවන් ගලවා
ගැනීම සඳහා පැමිණියා.

මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙම පස් කන්ද බුරුල් වී කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානයට පැමිණ සිටි මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය සඳහන් කළේ පස් කන්දට යට වූවන් දෙදෙනාම රෝහල්ගත කළ අතර ඔවුන් බරපතළ තත්ත්වයෙන් මේ වනවිට මිදී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34