නිවසක ඇතිවූ හදිසි ගින්නකට හසුවී පුද්ගලයෙකු මියයයි

මාතලේ ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නක්‌ හේතුවෙන්‌ එම නිවසේ සිටි පුද්ගලයෙකු මියගොස්‌ තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 81 ක්‌ වූ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරයේ මහේස්ත්‍රාත්‌ පරීක්ෂණ පැවැත්විමට නියමිතයි

මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.