spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවසකින් ලක්ෂ 15ක දේපළ සොරාගත් යුවළක් පොලිස් අත්අඩංගුවේ

හෝමාගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසකින් ලක්ෂ 15ක පමණ දේපළ සොරා ගැනීමක් සම්බන්ධයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු බොරලැස්ගමුව සහ පිළියන්දල ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

එහිදී මොවුන් සන්තකයේ තිබී සොරාගත් බවට සැක කෙරෙන මහන මැෂිමක්, පාපැදියක්, රූපවාහිනී යන්ත්‍රයක්, අත්බෑග් තුනක්, ජංගම දුරකථන දෙකක්, කාන්තා මුදල් පසුම්බි තුනක් ඇතුළු තවත් භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මොවුන් විසින් ඊයේ (03) මෙම සොරකම සිදුකර ඇති අතර, සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 36 හා 37 යන වයස්වල පසුවන බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?