නිල ප්‍රතිඵලවලට කලින් අසත්‍ය තොරතුරු දෙන්න එපා – මැතිවරණ කොමිසම (වීඩියෝ)

10 වැනි පාර්ලිමේන්තුව තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු අනිද්දා (14) ආරම්භ වීමට නියමිත අතර එදින පස්වරු 4.15ට ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව පැවසුවේ; ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මහ මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඡන්ද ප්‍රදේශවල ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කිරීමෙන් පසුව මාධ්‍ය වෙත නිකුත් කරන බවත් එම නිසා නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියා.

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු 4.15ට ආරම්භ කිරීමට විධි විධාන යොදා ඇති හෙයින්; සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වැනි දින ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7.15ට පමණ නිලධාරීන් සම්පූර්ණ වූ පසුව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

ගණන් කිරීමේ කටයුතු අවසන් වූ පසුව එම ප්‍රතිඵල මාධ්‍යයට ලබා දීමට අවශ්‍ය විධිවිධාන ද යොදා අවසන් බවත්; එතෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සියලුදෙනාගෙන් තමන් නැවත නැවතත් ඉල්ලා සිටින බවයි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා වැඩිදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ.

ඡන්ද ගණන් කිරීම අදියර 3ක් යටතේ සිදුවන බවත් ඒ අනුව එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රී ධුරය සඳහා තෝරා පත් කර ගැනීම සිදු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02