නිල්වලා ගඟේ ආරක්ෂක බැමි උතුරා යෑමේ අවදානමක්

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ තවදුරටත් සැලකිය යුතු ඉහළ වර්ෂාවක් ලැබුණොත් නිල්වලා ගඟේ ගංවතුර ආරක්ෂක බැමි, ඇතැම් ස්ථානවලින් උතුරායෑමේ අවදානමක් මතුවන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

මේ හේතුවෙන් මාතර මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරලිය සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් නිල්වලා ගඟ නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල විශාල මට්ටමේ ගංවතුර තත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවටයි අනතුරු අගවන්නේ.

මේ වන විට පවතින අයහපත් කාලගුණය හමුවේ වැඩිම ජලගැලීම් වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික්කයෙන්.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ නිල්වලා ගඟේ ද්‍රෝණිය අවට පහත්බිම්වලට තවදුරටත් ගංවතුර පවතින අතර වර්ෂාව වැඩිවුවහොත් එය සුළු වශයෙන් වර්ධනය විය හැකි බවයි.

එබැවින් අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී තිබෙනවා.

නිරිතදිග මෝසම සක්‍රීයවීමෙන් පවතින වැසි තත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක 12කට තවදුරටත් බලපෑම් එල්ලවෙමින් පවතිනවා.

පවතින අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 13,627 කට අයත් පුද්ගලයින් 55,780ක් පීඩාවට පත්වී සිටින බවයි වාර්තා වන්නේ.

ආපදාවට ලක්වූ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 41,951ක්.

Flood Warning1 scaled
Flood Warning2 scaled
Flood Warning3 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?