නිල්වලා ගඟේ ආරක්ෂක බැමි උතුරා යෑමේ අවදානමක්

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ තවදුරටත් සැලකිය යුතු ඉහළ වර්ෂාවක් ලැබුණොත් නිල්වලා ගඟේ ගංවතුර ආරක්ෂක බැමි, ඇතැම් ස්ථානවලින් උතුරායෑමේ අවදානමක් මතුවන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

මේ හේතුවෙන් මාතර මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරලිය සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් නිල්වලා ගඟ නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල විශාල මට්ටමේ ගංවතුර තත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවටයි අනතුරු අගවන්නේ.

මේ වන විට පවතින අයහපත් කාලගුණය හමුවේ වැඩිම ජලගැලීම් වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික්කයෙන්.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ නිල්වලා ගඟේ ද්‍රෝණිය අවට පහත්බිම්වලට තවදුරටත් ගංවතුර පවතින අතර වර්ෂාව වැඩිවුවහොත් එය සුළු වශයෙන් වර්ධනය විය හැකි බවයි.

එබැවින් අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී තිබෙනවා.

නිරිතදිග මෝසම සක්‍රීයවීමෙන් පවතින වැසි තත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක 12කට තවදුරටත් බලපෑම් එල්ලවෙමින් පවතිනවා.

පවතින අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 13,627 කට අයත් පුද්ගලයින් 55,780ක් පීඩාවට පත්වී සිටින බවයි වාර්තා වන්නේ.

ආපදාවට ලක්වූ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 41,951ක්.

Flood Warning1 scaled
Flood Warning2 scaled
Flood Warning3 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40