නිරිතදිග ජපානයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.9 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
භූමිකම්පාව දේශීය වේලාවෙන් රාත්‍රී 9:19ට පමණ සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
කියුෂු දූපතේ මියාසාකි පළාතට මෙන්ම ජපානයේ දකුණු කොචි ප්‍රාන්තයට මෙම සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මේ අතර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කරන තුරු මුහුදට නොයන ලෙස හෝ වෙරළට ළඟා නොවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
+1
1
+1
+1
4