නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කොන්දේසි සහිතව යළි සේවයේ පිහිටුවයි

ත්‍රස්ත මර්ධන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

ඔහු විසින් සිදුකළ අභියාචනයකට අනුව කොන්දේසිවලට යටත්ව මෙම පත්වීම පොලිස් කොමිසම විසින් සිදුකළ බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් නිකුත් කළ ලිපියේ දැක්වෙනවා.

ඔහු අද සිට පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කර ඇති බවත් පැවසෙනවා.

නාලක සිල්වා මහතා, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමට තැත් කළ බවට නාලක කුමාර නමැති අයෙකු කරනලද පැමිණිල්ලක් මත 2018 වසරේදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

RTM 2023.03.30
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?