නියෝජ්‍ය කතානායක ආචාර්ය රිස්වි සිය අධ්‍යාපන සුදුසුකම් හෙළි කරයි – මාලිමාවට සහාය දුන් ප්‍රසිද්ධ මහාචාර්යවරුන්ගේ සහතිකත් එළියට (ඡායාරූප)

සමාජය තුළ මාලිමා රජයක් නිර්මාණය කිරීමට ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවූ ඇතැම් දේශපාලන නායකයින්ගේ අධ්‍යාපනික සුදුසුකම් ප්‍රශ්න කරමින් ඇති පසුබිමක වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා සිය අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සිය නිල මුහුණුපොතේ සටහනක් තබමින් ආචාර්‍යය රිස්වි සාලි මහතා පෙන්වා දෙන්නේ නායකත්වය පිළිබඳ ව විශ්වාසය හා වගවීම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට තමන් තරයේ විශ්වාස කරන බවයි.

එබැවින් සිය හෘද සාක්ෂියට එකඟ ව තමන් සිය අධ්‍යාපනික සුදුසුකම් මෙලෙස සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවයි ආචාර්‍ය රිස්වි මහතා පෙන්වා දෙන්නේ.

ඔහු තැබූ සම්පූර්ණ සටහන පහතින්;

”මම 1986 දී පාකිස්තානයේ මුල්තාන් නුවර පිහිටි නිෂ්තාර් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවේදී (MBBS) උපාධිය ලබා ගත්තෙමි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් Laryngo Otorhinology (DLO) සම්බන්ධයෙන් ද ඩිප්ලෝමාධාරියෙක්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙසට ද 38 වසරක් වෛද්‍ය සේවයේ නිරත ව සිටිමි. මගේ වෘත්තීය ජීවිතය ආරම්භ වූයේ රජයේ වෛද්‍ය සේවයෙන්. මම පළාත්බද සහ කොළඹ විවිධ රෝහල් ගණනාවක ස්ථිර වෛද්‍යවරයෙකු ලෙස සේවය කළෙමි. වසර 12ක රාජ්‍ය වෛද්‍ය සේවයෙන් පසුව මම සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් වැඩි කාලයක් කැප කරමින් ප්‍රජා වෛද්‍ය සේවය සිදු කරමි.මගේ සුදුසුකම් බෙදාගැනීමෙන් මා කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවගේ විශ්වාසය යළි තහවුරු කිරීම මගේ අරමුණයි..” යනුවෙන් ඔහුගේ සම්පූර්ණ සටහනේ සඳහන්.

කතානායක අසෝක රන්වල මහතාගේ ආචාර්‍යය උපාධිය සම්බන්ධයෙන් සමාජයේ විශාල සංවාදයක් පැන නැගී ඇති පසුබිමක නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් ආචාර්‍යය රිස්වි මහතා මෙලෙස තමන් ගැන විශ්වාසය තැබූ ජන වරම වෙනුවෙන් ලබා දිය හැකි හොඳම පිළිතුරු ලබා දී ඇති ආකාරයයි දක්නට ලැබෙන්නේ.

මීට අමතරව ක්‍රියාකාරී දේශපාලන ප්‍රචාරණ කටයුතුවල යෙදෙමින්, සමාජ සංශෝධනයක් පුළුල් දේශපාලන වෙනස්වීමක් මත සිදුකිරීමට මාලිමා රජයේ දේශපාලනික වේදිකාවල හා දේශනවල කැපී පෙනෙන චරිතයක් ලෙස සැලකෙන ජ්‍යේෂ්ඨ මහාචාර්‍යය ලියනගේ අමරකීර්ති මහතා ද මාලිමා රජයක් කරළියට ගෙන ඒමට තමන් සහාය වීම හේතුවෙන් තමන්ගේ ද අධ්‍යාපනික සුදුසුකම් සහ ආචාර්‍යය උපාධිය සම්බන්ධයෙන් වන සහතික ඔහුගේ නිල ෆේස්බුක් පිටුවට පසුගියදා එක් කර තිබූ අයුරු දක්නට ලැබුණා.

ඔහු සිය ආචාර්‍ය උපාධිය ලැබූ උපාධි සහතික පළ කරමින් ඊට උඩින් සටහනක් තබමින් පවසා ඇත්තේ;

ෆොටෝ එකක් ගැහුවා දැම්මා. විනාඩියයි ගියේ. කාටත් එහෙමයි නේද? මාස්ටර්ස් සහතිකෙත් මේ වගේ. ඕනෑ නම් සවිස්තර සහතිකෙත් එක්ක තියෙනවා..” යනුවෙන්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මෙන් ම මෙරට සිටින භාෂාත්මක විෂයය ප්‍රාමාණිකයෙකු වන ලියනගේ අමරකීර්ති ද යනු සම්මානිත මහාචාර්‍යයවරයෙක්.

නමුත් ඔහු දේශපාලනික පරිවර්තනීය සමාජ සංශෝධනයකට සහාය වූවා මිසෙක මන්ත්‍රී ධුරයක් වෙනුවෙන් ඇප කැප නොවන්නෙක් ලෙස ද ප්‍රසිද්ධියක් උසුලනවා.

සබුද්ධික ජනතාවට තමන් විසින් නව රජයක් පිහිටුවීමට සහාය දුන් බවට සනාථ කරමින්; සිය අධ්‍යාපනික සුදුසුකම් මෙලෙස නියෝජ්‍ය කතානායකවරයා ඇතුළු මාලිමා පාක්ෂික මහාචාර්‍යවරුන්ටත් ප්‍රසිද්ධ කිරීමට හැකි නම්; දසවැනි පාර්ලිමේන්තුවේ 17 වැනි කතානායකවරයා මෙන් ම රටේ තුන්වැනි පුරවැසියා ලෙස සැලකෙන අසෝක රන්වල මහතා මෙතෙක් මුනිවත රකින්නේ කිනම් කාරණයක් හේතුවෙන් දැයි ඇත්තේ ප්‍රශ්නාර්ථයක් ම පමණි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50