නියෝජ්‍ය ඇමති නලින්, මන්ත්‍රි රෝහිණීට කළ ප්‍රකාශයට මාලිමාව ඇතුළෙන්ම විරෝධයක් (වීඩියෝ)

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විසින් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නට සිදුකළ ප්‍රකාශයට සිය විරෝධය පළකරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කළා.

එම සටහන මඟින් ඇය සදහන් කරන්නේ තමන් එම අවස්ථාවේ සභාගර්භයේ නොසිටිය ද විපක්ෂ මන්ත්‍රීවරියකට පාර්ලිමේන්තුව තුළ නොගැලපෙන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ස්ත්‍රීවාදී මූලධර්ම වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක් ලෙස එයඅනුමත කළ නොහැකි බවයි.

නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ඊයේ (22) දිනයේ පාර්ලිමේන්තුවේ සිදුකළ කතාව තුළ දී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්නට අපහාස වූ බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා දැඩි විරෝධයක් පළකර සිටියා.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාළ ප්‍රකාශය වහාම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ ප්‍රකාශයෙන් මන්ත්‍රීනී රෝහිනී කවිරත්නට කිසියම් අගතියක් වූවානම් එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න සිය සමාජ මාධ්‍යයට එක්කර තිබූ සටහන පහතින්.

WhatsApp Image 2025 02 23 at 1.14.13 AM 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34