නියෝජ්‍ය ඇමති එරංග සහ මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් හයදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා අද (17) නියෝග කළා.

ඒ, අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් උද්ඝෝෂණ සිදුකළ බවට අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ඇප ලබා සිටින මොවුන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

ඇපකරුවන්ට නොතිසි නිකුත් කළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන දෙසැම්බර් මස 04 වනිදා දක්වා කල් තබන ලෙස නියෝග කළා.

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රොෂාන් අලි දානිස් අලි, අමල් සාලින්ද නොහොත් ආමි අමිල, උදයංග කුමාර සහ කොස්වත්තගේ මහානාම හිමියන් අදාළ සැකකරුවන් හයදෙනායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47