නිමල් ලන්සා ජනාධිපතිට දුක් කියයි

පසුගිය කාලයේ තමාගේ අමාත්‍යංශයේ සිදුවූ කාරණාවක් සම්බන්ධයෙන් කරුණු 4ක් යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (පෙබ. 23) දින ලිපියක් යොමු කළ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ කරුණු දැක්වීමක් සිදු කරමින් ඔහු සඳහන් කළේ, ලිපියේ සඳහන් කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන අතර ජනාධිපතිවරයා එම කරුණු පිළිබඳව ශුභවාදීව සලකා බලනු ඇතැයි තමා සිතන බව ය.

එම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සඳහන් නොකරන්නේ පාර්ලිමේන්තුව තුළ එයට විසඳුම් ලබා දිය නොහැකි අතර විසඳුම් ලබා දිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බැවින් යැයි ඔහු පැවසීය.

තව ද ඔහු සඳහන් කළේ, තමාට තර්ජන එල්ල කළ පුද්ගලයින්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමාට ද හැකි නමුත් එසේ කිරීමට නොයන්නේ රටේ තිබෙන අර්බුදය හේතුවෙන් යැයි ඔහු සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, “ජීවත් වන්නට ඔක්සිජන් ඕනෑ නෑ කියූ කෙනෙකු සමග තර්ක කරන්නට හෝ ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට නොයන ලෙස තමාගේ ඡන්දදායකයින් පැවසූ බැවින් තමා නිහඬව බලා සිටි බව” ය.

මාර්ග සංවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාට බැන තර්ජනය කරන හඬ පටයක් පසුගිය පෙබරවාරි 18 වන දා මාධ්‍ය වෙත නිකුත් වී තිබිණි.

තම බල ප්‍රදේශයේ සිදු කරන මාර්ග සංවර්ධන කටයුත්තක් නවතා දමන ලෙස එහිදී සනත් නිශාන්ත මහතා නිමල් ලන්සා මහතාට ප්‍රකාශ කරන අයුරු එම හඬපටයේ සටහන් වී තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37