නිධානයකින් ගත් බුදු පිළිම විකුණන්න හැදූ පිය පුතු දෙපළ අත්අඩංගුවේ

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බුදු පිළිම තුනක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ සවස මකුළුගස්වැව ප්‍රදේශයේදීයි ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ බුදු පිළිම සොයා ගැණුනේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දේවහූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 50 වයස්වල පසුවන්නන්.

මෙම සැකකරුවන් දෙදෙනා පියා සහ පුත්‍රයා වන බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර නිධානයකින් ගත් බුදු පිළිම බව පවසමිනුයි සැකකරුවන් දෙදෙනා මෙම පිළිම අලෙවි කිරීමට සූදානම් වී ඇත්තේ.

ඒ රුපියල් කෝටි එක හමාරක මුදලකටයි.

මෙම සැකකරුවන් දෙදෙනා පැමිණි ත්‍රී රෝද රථය ද පොලිස් භාරයට ගනු ලැබුවා.

ලැබුණු තොරතුරට අනුව ගැණුම්කරුවන් ලෙසට පොලිස් කණ්ඩායමක් ගොස් වැටලීම සිදුකර ඇති බව සඳහන්.

සැකකරුවන් අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34