නිධන් සෙවිම සදහා භූමියේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට යොදා ගන්නා යන්ත්‍රයක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට

ඊයේ 16 වන දින උප්පුවේලි පොලිස් වසමේ 05 කණුව, රේවත පටුමගේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී එහි දී බලපත්‍රයක් නොමැතිව නිදන් සෙවීම සදහා භූමියේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට යොදා ගන්නා ස්කෑන් යන්ත්‍රයකට සමාන යන්ත්‍රයක් හා එහි උපාංග සන්තකයේ තබාගෙන කාර් රථයකින් ගමන් කරමින් සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මාරගහ වැව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 23 ත් 36 ත් අතර පුද්ගලයන්.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා උප්පුවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

භූමියේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට යොදා ගන්නා ස්කෑන් යන්ත්‍රයකට සමාන යන්ත්‍රයක් හා එයට සම්බන්ධ වූ ජැක් කොටස සහිත වයර,වෝල්ට් 12 කුඩා බැටරි 01 ක්,ටැබ් 01 ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා