බිරිඳ විසින් නිදාගෙන සිටි සිය සැමියාව ඝාතනය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (31) වාර්තා කරනවා.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි මුසෆර්නගර් ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම සිදුවීම පසුගිය 29 වන දින සිදුව ඇති අතර, සැකකාර බිරිඳ ඊයේ (30) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
සංජේ කුමාර් නැමැති 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් සිය දෙවන බිරිඳ වන කවිතා විසින් ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාර බිරිඳ පාපොච්ච්රණය කර ඇත්තේ නිදාගෙන සිටි සැමියාගේ ගෙළ සිරකර මෙම අපරාධය සිදුකළ බවයි.
සැකකාර බිරිඳවන කවිතා වැඩිදුරටත් පොලිසියට පවසා ඇත්තේ, තම සැමියා ඔහුගේ පළමු බිරිඳ හේතුවෙන් තමන්ට නොසලකා හැරීම හේතුවෙන් මෙම අපරාධය සිදුකළ බවයි.





