නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් වෙනුවෙන් සුපිරි ආයෝජනයක්

කටුනායක නිදහස් වෙළෙද කළාපයේ සේවයේ නිරත සේවක – සේවිකාවන්ට තම දූ දරුවන් අනාරක්ෂිතව සිය නේවාසිකාගාර තුළ තබා යාම වෙනුවට සුරක්ෂිතව ඔවුන් රඳවා තැබීමට දිවා සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අද (10) දින මුල්ගල් තැබීම සිදු කෙරුණා.

ඒ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ 04 වැනි අදියර ප්‍රධාන ගේට්ටුව අසළ දී යි.

මෙම දිවා සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථානය හේතුවෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන්ට මානසික පීඩනයෙන් තොරව සිය සේවා ඉටු කිරීමේ පරිසරයක් නිර්මාණය වනවා.

රුපියල් හත්කෝටි හැටලක්ෂයක් වැයකර, වර්ග අඩි 8,000ක වපසරියකින් මෙම දිවා සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථානය ,
පෞද්ගලික ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ ධන පරිත්‍යාගයෙන් සිදු කෙරෙන සමාජ සද්කාර්යයක් වන බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ සඳහා අවශ්‍ය ඉඩම ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය සමග ඒකාබද්ධව පවත්වා ගෙන යනු ලබන ආයෝජන ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසයි මෙය ඉදිවන්නේ.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ ආයෝජන ව්‍යාපෘති 85ක සේවකයින් 34,000ක් පමණ සේවයේ නිරත වී සිටින අතර ඔවුන්ගේ දූ දරුවන් 100කට පමණ මෙම මධ්‍යස්ථානය තුළ පහසුකම් ලබාගත හැකි වනවා.

මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ලෝරන්ස් මඩපාත, ඒ.ටී.ජී.අත්වැසුම් නිෂ්පාදන ආයතනයේ සභාපති ෆසාල් ආබ්දීන් මහතා සහ එම මැතිනිය, කටුනායක නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් ද පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29