AFC Banner
AFC Banner
Empty Ad

නිදහස් පක්ෂයේ තනතුරු දරණ සියලු නිලධාරීන් මෛත්‍රී කොළඹට කැඳවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු දරණ සියලු නිලධාරීන් කොළඹට කැඳවීමට එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එළඹෙන සතිඅන්තයේ දී ඔවුන් මෙලෙස පක්ෂ මූලස්ථානයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්, විධායක කාරක සභිකයින්, දිස්ත්‍රික් සහ ආසන සංවිධායකයින්, පක්ෂයේ අනුබද්ධ සංවිධානවල නිලධාරීන් මෙලෙස කැඳවා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගැනීම සදහා ඔවුන්ව මෙලෙස පක්ෂ මූලස්ථානයට කැඳවීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මෙම විශේෂ රැස්වීමට සහභාගීවීම අනිවාර්යවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදාළ නිලධාරීන්ට දන්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
11
+1
3
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?