AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 146 දෙනෙකු නිදහස්

පෙබරවාරි (04) හෙට දිනට යෙදෙන 73 වන නිදහස් දිනය වෙනුවෙන් දිවයින පුරා බන්ධනාගාර තුලින් රැඳවියන් 146 දෙනෙකු  විශේෂ සමාවක් ලබාදීමට අතිගරු ජනාධිපති තුමා විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව දඬුවම් ගෙවා ඇති වසරකට හෝ ඉන් කොටසකට මාස එකක සමාවක් ලබාදීමටත් ගෙවීමට ඇති දඩ අහෝසි කිරීමටත් වයස අවුරුදු 65ට වැඩි දඬුවමින් අඩක් ගෙවා ඇති සිරකරුවන් නිදහස් කිරීමටත් තීරණය කර තිබෙනවා.

එමෙන්ම වයස අවුරුදු 50ට වැඩි වසර 25කට වඩා සිරදඬුවම් විඳ ඇති සිරකරුවනුත් නිදහස් කිරීමටයි තීරණය කර ඇත්තේ.

තරුණ වරදකරුවන් අතුරින් තම දඬුවම් කාලයෙන් හරි අඩක් ගෙවා ඇති සිරකරුවන් නිදහස් කිරීමටත් පියවර ගනිමින් සිටිනවා.

ඒ අනුව පෙබරවාරි හෙට (04) දින දිවයින පුරා බන්ධනාගාර තුලින් රැඳවියන් 146 දෙනෙකු නිදහස් වීමට නියමිතයි.

පසුගිය  දින වලදී කොරෝනා වසංගත තත්වය සහ නත්තල නිමිති කරගෙන සමාවන් ප්‍රධානය කිරීම හේතුවෙන් මෙම සමාවේදී නිදහස් වීමට සිටින සිරකරුවන් ප්‍රමාණය අඩුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?