නිට්ටඹුවෙන් කොවිඩ් පොකුරක්

ඊයේ (10) දිනයේ දී වාර්තා වු කොවිඩ් -19 ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

ඒ අනුව නිට්ටඹුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 171ක් වාර්තා වු බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම 28ක්, දොම්පේ 12ක්, ගම්පහ 42ක්, කටුනායක 15ක්, කැලණිය 13ක්, කිරිඳිවල 19ක්, මිනුවන්ගොඩ හා මීගමුවෙන් 33ක්, සපුගස්කන්ද 11ක්, වේයන්ගොඩ 32ක්, වත්තල 15ක් හා වැලිවේරියෙන් ආසාදිතයින් 14ක් ලෙස වාර්තා විය.

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 2,738ක් වාර්තා වු අතර ඉන් 23දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි අය වේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 339ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් අවිස්සාවේල්ලෙන් හඳුනාගෙන තිබේ. ඒ ආසාදිතයින් 87ක් ලෙසය.

ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 21කින් ආසාදිතයින් හඳුනාගත් අතර කෑගල්ල 81ක්, බදුල්ල 73ක්, අම්පාර 38ක්, මාතලේ 35ක්, අනුරාධපුර 68ක්, මුලතිව් 4ක්, මන්නාරම 25ක්, වව්නියාව 32ක්, ත්‍රිකුණාමලය 48ක්, නුවරඑළිය 198ක්, මහනුවර 127ක්, රත්නපුර 52ක්, පුත්තලම 42ක්, යාපනය 167ක්, කිලිනොච්චියෙන් 5ක්, පොළොන්නරුවෙන් 30ක්, හම්බන්තොට 27ක්, මොනරාගල 6ක් හා මඩකලපුවෙන් ආසාදිතයින් 79ක් ලෙස වාර්තා වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?