නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් සියලු කෙලෙසුන් නසා රහත් වී ඇත්තේ අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයකයි.

එමෙන්ම ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළැඹීම සිදු කෙරෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ නිධන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම සිදුව ඇත්තේ ද අද වැනි නිකිණි පොහොය දිනක විශේෂත්වයක්.

මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම සිදුකෙරෙන්නේ ද නිකිණි පොහොය මුල්කර ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?