නික්ම යන ස්විට්සර්ලන්ත තානාපතිනිය සහ අගමැතිවරිය අතර හමුවක්

සිය සේවා කාලය අවසන් කර ධුරයෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි, ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) සහ මෙරට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පැවැත්වුණා.

එම හමුවේ දී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඇයගේ ධුර කාලය තුළ ලබාදුන් දායකත්වය අග්‍රාමාත්‍යවරිය අගය කර තිබෙනවා.

එමෙන්ම දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව, විශේෂයෙන් තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පවතින ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැලපෙන සහ තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය කරන වෘත්තීය පුහුණු වැඩසටහන් දියුණු කිරීම පිළිබඳව සිරි වෝල්ට් සහ හරිනි අමරසූරිය අතර සාකච්ඡා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43