නැවත බාල බෙහෙත් ගෙන ඒමට ඉඩක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කියයි

කිසිදු ආකාරයක තත්වයෙන් බාල බෙහෙත් ගෙන ඒමක් මින් ඉදිරියට සිදු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

ඔහු අද (17)දින මහනුවර ජාතික රෝහලේ තිලක් අබේසේකර ශ්‍රවණාගාරයේ පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමිනුයි මේ බව ප්‍රකාශ කළේ.

එමෙන්ම තත්වයෙන් බාල බෙහෙත් ආනයනය වැළකීමට අවශ්‍ය සියලුම පියවර මේ වන විට ගෙන අවසන් බවද ලේකම්වරයා සදහන් කළා.


ප්‍රාථමික සෞඛ්‍ය ආයතන වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?