spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැමීබියාවෙන් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අරඹමින් සිදුසුකම් ලබා ගැනීමේ වටයේ පළමු තරගය අද (16) ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර ආරම්භ වුණා.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නැමීබියානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 164ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

නැමීබියානු කණ්ඩායම වෙනුවෙන් ජෑන් ෆ්රිල්ලික්ස් ලකුණු 44ක් රැස්කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මධුෂාන් කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

මේ අතර 2022 ලෝක කුසලාන තරගාවලියේ පළමු කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?