නැගෙනහිර සරසවියේ සංවර්ධනයට ඉන්දියාවේ අතහිත

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සංවර්ධනය සඳහා අවශ්‍ය සියලු සහය ලබාදීමට ඉන්දීය රජය සූදානම් බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහතික වී තිබෙනවා.

මේ සඳහා වන ව්‍යාපෘති වාර්තා සහ ඉල්ලීම් ශ්‍රී ලංකා රජය හරහා ඉදිරිපත් කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ (03) පස්වරුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලය, මඩකලපුව වන්දාරුමූලෙයි මණ්ඩපයට ගියේය.

ඉන් අනතුරුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කළමනාකාරීත්වය සමඟ විශේෂ හමුවක්ද පැවති අතර එහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා කියා සිටියේ ඉන්දියාව ශ්‍රී ලංකා රජය සමඟ ඇති කරගෙන ඇති ගිවිසුමට අනුව ශ්‍රී ලාංකික සිසුන්ට ඉන්දීය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට සහ ඉන්දීය සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දෙන බවයි.

එමෙන්ම ඔහු නැගෙනහිර විශ්වවිද්‍යාලයට පැමිණි පළමු අවස්ථාව වීම විශේෂත්ව්යකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?