නැගෙනහිර සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුළ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ අතර නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (02) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.
ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
1
+1
+1
+1














