Update – නාමල් සී.අයි.ඩීයෙන් පිටව යයි (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (07) පෙරවරුවේ පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන් පිටව ගොස් තිබෙනවා.

ඒ, පැය එක හාමරක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.

මන්ත්‍රීවරයාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නැමැත්තිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

Update – Monday, April 7, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (07) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති තම මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (07) දිනයේ තමන්ව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
18
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?