නාමල් ජනපති සටනට පෙර රුවන්වැලියේ ආසිරි ලබයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුර රුවන්වැලි සෑය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

අරගල සමයේ දී මෙරටට ඉල්ලා සිටියේ තරුණ නායකත්වයක් බවත්; මේ මොහොතේ සිටින ජනපති ධුරයට සුදුසුම තරුණ නායකයා නාමල් රාජපක්ෂ බවත් මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්මැලි මහා සෑය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඊයේ අනුරාධපුර පැවති ජන හමුවක් සඳහා ද එක් වුණා.

එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ වෙනුවට මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ; හොඳම තරුණ නායකයා නාමල් රාජපක්ෂ බවත් ඔහුගේ ජයග්‍රහණය ස්ථීර බවයි.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම පිළිබඳව ද, ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන ද තවදුරටත් සලකා බලන බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
27
+1
2
+1
2
+1
3
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10